වැලිකඩ පොලිස් වසමේ බුත්ගොමුව පාර, පෙරේරා මාවත ප්රදේශයේදී පසුගිය අගෝස්තු 27 වැනිදා දිවා කාලයේ නිවසක් බිඳ රුපියල් 2,223,600 ක් වටිනා රන් භාණ්ඩ හා මුදල් රුපියල් 55,000ක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම අපරාධයට අදාළ සැකකරු ටයිකෝට් පැලඳ, සුපිරි මහල් නිවාස සංකීර්ණයකට ඉතා සූක්ෂමව ඇතුළු වී ඇති බවත්, මෙවැනි අපරාධ කිහිපයකටම සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම සැකකරු අපරාධය සඳහා බුත්ගමුව පාර පෙරෙරා මාවත ප්රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයට ඇතුළු වන ආකාරය එහි තිබූ විදුලි සෝපානයක සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන් වී ඇත. එම දර්ශන පිළිබඳ අවධානය යොමු කර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරක් වෙතොත් 011 2864060, 0718591650 දුරකථන ඔස්සේ වැලිකඩ පොලීසියට දන්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.