කුමන ආණ්ඩුවක් යටතේ වුවත් තමන් ස්වාධීන මතයක සිටි බවත් තීරණ ගත යුතු තැන්වලදී තීරණ ගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
“පසුගිය කාලයේ සීනි බදු වංචාවක් වුණා. පිළිකා කාරක පොල්තෙල් ගෙනත් ජනතාවට කන්න දුන්නා. කොළඹ වරාය නගරය ගැන මම කථා කරනවා. පනත් කෙටුම්පතක් හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දැනුවත් කළේ නෑ.
මේ ගැන මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා රටට විස්තර කිව්වා. අද උදෑසන මට ජනපතිතුමා කථා කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනතාව පත්කරන්නේ රටේ හා ජනතාවගේ අයිතිය සුරකින්න.
වරාය නගර පනත සම්මත වුණාම අපේ රටේ දරුවන්ට සුරක්ෂිත රටක් නැතිවෙනවා. මම මොන ආණ්ඩුවක සිටියත් සිටියේ ස්වාධීන මතයක.
දේශපාලඥයින් වහල්ලු නොවී ඉන්න ඕන. ජනතාව දැන් වහල්ලු වෙන්න කැමති නෑ. මේ රට කාගෙවත් රටක් නොවේ අපේ රට. තීරණ ගන්න වුණාම මම ගන්නවා.
කොළඹ වරාය නගර පනතට ඡන්දය දෙන අයට ගමට ආවාම හොඳට සලකන්නත් ජනතාව සූදානම් වෙලා ඉන්නවා.”