තිරිඟු පිටි පැරැණි මිලටම නැවත ලබාදෙන බවට ජීවන වියදම් කමිටුවේදී තිරිඟු පිටි සමාගම පොරොන්දු වූ බව ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
පසුගියදා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 ශත 50 කින් ඉහළ දැමූ අතර සමාගම විසින් මිල ඉහළ දැමීමට කටයුතු කළේ රජයේ අවසරයකින් තොරව බවද පවසා සිටියේය.
ඒ පිළිබඳව සමාගම සමග අද සාකච්ඡා කළ බවත්, ඒ අනුව පෙර මිලටම තිරිඟු පිටි ලබාදීමට පොරොන්දු වූ බවත් පවසා සිටියේය.