ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබාදීමට එකඟ වී තිබේ. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමට සහ සියලුම රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථා උදාකර දීම සඳහා මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීම වෙනුවෙන් මෙම මුදල යෙදවෙනු ඇත.
වර්තමානයේ වර්ධනය වෙමින් තිබෙන තත්වය හේතුවෙන් මෙරට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබෙන අතර, ඩයලොග් ආසිආටා සමාගම රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීමට, අති නවීන වෛද්‍ය උපකරණ ලබාගැනීමට සහ රෝහල්ගත වන ආසාදිතයින්ට පමණක් නොව රෝහල් ගතවන සියළුම පුද්ගලයින්ගෙන් අවශ්‍ය වන අය වෙනුවෙන් දැඩි සත්කාර පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මෙම ප්රදානය සිදුකර ඇත.