ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග ක්රිකට් තරගාවලියේ තරග පාවාදීම් සඳහා උත්සාහ කළ බව පැවැසෙන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ නුවරදි පැවැති තරගයක් අතරතුළදී මෙම සැක කටයුතු පුද්ගලයන් දෙදෙනා ශ්රි ලංකා ක්රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් පොලීසියට බාර දී තිබේ.
ගාල්ල කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම අතර ඊයේ පැවැති තරගය අතරතුළදී මෙම සැකකරුවන් අඛණ්ඩව දුරකතන ඇමතුම් ලබාගැනීම ක්රිකට් නිලධාරීන්ගේ අවධානයට යොමුව තිබේ.