ත්රිකුණාමල දිස්ත්රික්කය තුළට පැමිණීම හැකිතාක් දුරට අවම කර ලෙස ත්රිකුණාමලය දිස්ත්රික් කොරෝනා මර්ධන කමිටුව ඉල්ලීමක් කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය දින තුනක කාලය තුළ 70කට ආසන්න කොවිඩ් ආසාදිතයන් පිරිසක් ත්රිකුණාමලය දිස්ත්රික්කයෙන් වාර්තා වී ඇති බව ත්රිකුණාමලය දිසාමති සමන් දර්ශන පඬිකෝරාළ මහතා පවසයි.
මේ නිසා දිස්ත්රික්කය තුළ වෛරසය පැතිර යෑමේ අවධානමක් පවතින බැවින් එළැඹෙන උත්සව සමයේ ත්රිකුණාමලය දිස්ත්රික්කයට පැමිණීම අවම කරන ලෙස ත්රිකුණාමලය දිසාපතිවරයා ඉල්ලා සිටියි.