ත්‍රිකුණාමලයේ ඉදිකිරීමට යෝජිත නව ගෑස් බලාගාර හතර තුළින් විශාල වංචාවවක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
ශ්‍රී ලංකා ජාතික සභාව දිස්ති‍්‍රක් මට්ටමින් ස්ථාපිත කිරිමේ වැඩසටහන යටතේ ඊයේ (6දා) මාතර දී පැවති රැස්වීම අමතමින් උන්වහන්සේ එසේ ප්‍රකාශ කළහ.
“මේ රටේ පාලකයන්ට අපි නිතරම කිවුව දෙයක් තමයි කොචිචිපාරවල් හදන්න අධිවෙගී මාර්ග ඕන නෑ කියලා. මොකද දුප්පත් මිනිහා අධිවේගී මාර්ගයේ යන්නෙ නැහැ. සාමාන්‍යය බස් එකේ තමයි යන්නේ සල්ලි නැති නිසා.
මේ අය කොචේචි පාරවල් හදන්නෙ නැතුව අධිවේගී මාර්ග හදන්නෙ මොකද මහා වංචාවල් කරන්න ලේසි නිසයි. හැමදේම එහෙමයි. ලංකාවේ සුර්යා ලෝකයෙන් විදුලිය ගන්න පුළුවන් හැබැයි අපි ඒකට යන්නෙ නැහැ. ති‍්‍රකුණාමලයේ ගෑස් බලාගාර 4 ක් හදන්න යෝජනා කරලා තියෙනවා. යෝධ වංචාවක්.
හොරකමි කරන අයව හිරේ දාන්න කථා කරපු අයම හොරකම් කරනවා.
මාතර මහේෂ් මලවර ආරචිචි