ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වි ඇති බව අද (10) නිකුත්වු PCR පරික්ෂණ වාර්තාවේ දැක්වෙන බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
මෙම වෛද්‍යවරයා මීට පෙර කොවිඩ් -19 ආසාදනයවු වෛද්‍යවරයා සමග එකම නිල නිවසේ නේවාසිකව සිට ඇති බව වාර්තා වේ.
පළමු වෛද්‍යවරයා කොවිඩ් -19 ආසාදනය වි ඇති බව පසුගිය නොවැම්බර් මස 02 වෙනිදා සොයා ගැනිමෙන් පසු එම වෛද්‍ය නිල නිවාසයේ සිටි තවත් වෛද්‍යවරු තිදෙනෙකු එම නිල නිවාසයේම නිරෝධායනයට ලක් කරමින් සිට සිදුකල PCR පරික්ෂණයකින් මෙම වෛද්‍යවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වි ඇති බවයි.