තුර්කියේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයක අනුදැනුම මත ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන අධ්‍යාපන, වාණිජ මණ්ඩල සහ වෙනත් ව්‍යපාරික සහ සේවා සපයන ආයතන කිහිපයක් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව 'අද'ට වාර්තා වේ.
මෙම ත්‍රස්තවාදී සංවිධානය FETO –Fethullahist Terrorist Organisation ලෙස නම් කෙරී ඇති අතර, දැඩි මතදාරී ඉස්ලාමීය පිළිගැනීම් සහ ඉගැන්වීම්වලින් සමන්විත කණ්ඩායමක් මෙම සංවිධානය හා ක්‍රියාකාරීව සිටීම එම සංවිධානය තුළ පවතින තර්ජනය ලෙස හඳුනාගෙන තිබේ.
දැනට පවතින තොරතුරුවලට අනුව මෙම සංවිධානය මගින් ක්‍රියාත්මක අධ්‍යාපන ආයතන දෙකක්, රාජ්‍ය නොවන සංවිධානයක්, සංචාරක සහ සංචරණ කටයුතු සිදුකරන ආයතනයක්, තුර්කි ආහාර සහිත ආපනශාලාවක් ඇතුළු ආයතන සහ ව්‍යාපාර රැසක් පවතී. මේ අතරින් අධ්‍යාපන ආයතන දෙක මගින් තුර්කියේ පවතින ඉස්ලාමීය ඉගැන්වීම් සහ වැඩසටහන් පිළිබඳව මෙරට තුළ ප්‍රචාරය ලබාදීමක් සිදුකරමින් සිටින බවට කරුණු අනාවරණය වේ. එසේම රාජ්‍ය නොවන සංවිධානය හරහා රජය සමග සම්බන්ධ වී විවිධ ප්‍රජා සත්කාරක වැඩසටහන් සිදුකරමින් සිටියි.
මෙම කටයුතු සියල්ල පිටුපස සිටින FETO - Fethullahist Terrorist Organisation නම් සංවිධානය තුර්කි ජාතික ඉස්ලාම් ආගමික පූජකවරයෙකු වන ෆෙතුල්ලා ගුලෙන්ගේ අනුගාමිකයන් විසින් පවත්වාගෙන යන්නකි. ඒ සඳහා මුදල් සැපයීමද එම අනුගාමිකයන් විසින් සිදුකරනු ලබයි. තුර්කියෙන් පලා ගොස් ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන මෙම ෆෙතුල්ලා ගුලෙන් මේ වනවිට තුර්කි බලධාරීන්ට අත්‍යවශ්‍ය පුද්ගල ලැයිස්තුවේ පසුවන පුද්ගලයෙකි. 2016 වසරේදී තුර්කියේ ඇති වූ යුද හමුදා කුමන්ත්‍රණය පිටුපස සිටින චරිතය මොහු බව තුර්කියේ චෝදනාව වී තිබේ.
මෙම ආයතන සහ සංවිධානවලට අමතරව විවිධ කරුණු පදනම් කර ගනිමින් අදාළ FETO - Fethullahist Terrorist Organisation සංවිධානයේ සාමාජිකයන් 50 දෙනෙකුට ආසන්න පිරිසක්ද මෙරට තුළ රැඳී සිටින බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයිද මේ වනවිට වාර්තා වේ. මෙහිදී මෙම කණ්ඩායමේ සාමාජිකයන් නිදිගත් ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙස කටයුතු කිරීම ඔවුන් සතුව පවතින තර්ජනය බවටත් වැඩිදුරටත් කරුණු අනාවරණය වේ.