කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා තායිලන්තයේ මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව මාර්තු 26 වනදා සිට රටපුරා හදිසි තත්ත්වය බලපැවැත්වෙන බව තායිලන්ත බලධාරීහු පවසති.
මැලේසියාවෙන් පසු කළාපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව තායිලන්තයෙන් වාර්තා වන අතර අඟහරුවාදා(24) ආසාදන 106ක් වාර්තා වීමෙන් පසු මුළු ආසාදිතයන් සංඛ්‍යාව 827ක් දක්වා ඉහෙළ ගියේය.