තායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසා අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකරමින් මුදල් වංචාකළ ජාවාරමක් පිළිබඳව ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු අනාවරණය වී ඇත.
තායිලන්තයේ ආරක්ෂක සේවයේ රැකියා අවස්ථාවන් සඳහා පුද්ගලයින් තෝරා ගෙන, එම රැකියා සඳහා මුදල් ලබාදුන් පසු පොරොන්දු වූ පරිදි රැකියා ලබා නොදෙන බවට පුද්ගලයින් පිරිසක් පැමිණිලි කර තිබේ.
මේ පිළිබඳව තායිලන්තයේ ශ්රි ලංකා තානාපති කාර්යාලයෙන් කරුණු සොයා බලා ඇති අතර, ලාංකිකයින්ට තායිලන්තයේ එවැනි රැකියා අවස්ථාවන් නොමැති බව තානාපති කාර්යාලය විසින් ද තහවුරු කර ඇත.
මෙම ජාවාරම මෙහෙය වූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීම සඳහා කාර්යාංශය විසින් මෙම පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබේ.