තඹ සතයක් හෝ ගෙන තිබෙනවානම් ඔප්පු කරන ලෙස අභියෝග කරනවා
'ඇවන්ට්ගාඩ්' සමාගමෙන් තඹ සතයක් හෝ ගෙන තිබෙන බවට ප්‍රකාශ කරන්නේ නම් එය ඔප්පු කර පෙන්වන ලෙස සමගි ජනබලවේගයේ අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පැවසීය.
පාඨලි චම්පික රණවක මහතාද 'ඇවන්ට්ගාඩ්' සමාගමෙන් රුපියල් පක්ෂ 35ක මුදලක් ලබාගත් බවට විජේදාස රාජපක්ෂ මහතා නගන චෝදනා පිළිබඳ 'අද' කළ විමසීමකදී රණවක මහතා මෙම අදහස් පළ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා,
"විජයදාස රාජපක්ෂ කියන්නේ පට්ටපල් බොරු. මම තඹ සතයක් හරි අරන් තියෙනවා නම් ඔප්පු කරල පෙන්වන්න කියලා මම අභියෝග කරනවා. විජේදාස ගත්ත ගණන් නම් අපි දන්නේ නෑ. හැබැයි හැසිරීමෙන් පේනවා ලොකු ගාණක් අරන් තියෙනවා කියලා. මට නම් කිසිම අවශ්‍යතාවක් නෑ 'ඇවන්ට්ගාඩ්' සමාගමෙන් මුදල් ගන්න." යනුවෙන්ද සඳහන් කළේය.
popular news
-
සෙනෙවි Monday, 29 June 2020 11:42 AM
තඹ සත හොහෙද බං දැං . ගන්න ඇත්තෙ රුපියල් 5000 නෝට්ටු වලින්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
