කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් ත්රස්තවාදියාට අයත්ව තිබූ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන අධිකරණටයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප නියම වූ සැකකරුවන් 8 දෙනාට එළැඹෙන 27 දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සිතාසි නිකුත් කළේය.
එම සැකකරුවන් යළිත් අධිකරණයට කැඳවන ලෙස වැල්ලම්පිටිය පොලීසිය මෝසමක් මගින් කළ ඉල්ලීමක් සළකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ සිතාසි නිකුත් කළේය.