තමන්ව පරාජය කළ හැක්කේ තමා කළ අමාත්‍යංශ තමාට වඩා හොඳින් කිරීමෙන් පමණක් බවත් මාධ්‍ය ප්‍රහාර වලින් හෝ කොමිසන් සභා හරහා තමන්ව පරාජය කළ නොහැකි බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකළේ ඊයේ (25) දින සන්ධ්‍යාවේ පැවති 2020 මහමැතිවරණ මෙහෙයුම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
“අද ඔබට ඇහෙනවා ඇති චම්පික රණවකව පරාජයට පත් කරන්න දස ලක්ෂ 50ක් වියදම් කරන්න මාෆියා කල්ලිකාරයෝ ඉදිරියට ඇවිත් ඉන්නවා. චම්පික රණවකව සිරගත කරන්න පොලිස් නිලධාරීන්ට, නිලධාරීන්ට සහ අනෙකුත් පුද්ගලයින්ට බලපෑම් කරන විශාල මර්ධන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා.
අපව දේශපාලන වශයෙන් අනාථ කිරීම සදහා ජඩ මාධ්‍ය විසින් ප්රචාරක යුද්ධයක් ආරම්භ කර තිබෙනවා. අපිව හිත් වලින් බිඳවන්න අපේ පවුල්වල අය සහ හිතවතුන් ඉලක්ක කරමින් දුෂ්ඨ ක්‍රියාවලියක් මුදාහැර තිබෙනවා. මම ගෝඨාභය රාජපක්ෂ මහත්මයටත් මහින්ද රාජපක්ෂ මහත්මයටත් කියන්න කැමතියි, අපේ අත්වල දම්වැල් දාලා ඔය කරන ජඩ මාධ්‍ය ප්‍රහාර වලින්වත්, කොමිසන් සභා හෝ උසාවි ක්‍රියාදාම වලින් අපව නතර කරන්න බෑ. අපි දණ ගහන්නේ නෑ..
ඔයිට වඩා ලොකු මිනිස්සු, ප්‍රභාකරන්ලා ඉදිරියේ දණ නොගහපු මිනිස්සු අපි. මාවිල් ආරු සිදුවීම වෙලාවේ අරලියගහ මන්දිරයට වෙලා වෙවුල වෙවුල හිටපු මොහොත් අපි සටන් කරමු කියලා කිව්ව අපි, ඉදිරියටත් ඒ මාවතේ ඉදිරියට යන බව අපි කියනවා.
අපව පරාජය කරන්නේ කොහොමද? අපිව පරාජය කරන්න නම්, අපිට වඩා හොදින් අපේ අමාත්‍යංශ කරලා පෙන්වන්න. අපිව පරාජය කරන්න නම් අපි සැලසුම් කොට 2024 දි අවසන් කිරීමට නියමිතව තිබුනු සැහැල්ලු දුම්රිය සේවය 2023 දි හදලා පෙන්වන්න අපි චම්පිකට වඩා හොදට වැඩ කරනවා කියලා.
ඒ වගේම අපිව පරාජය කරන්න නම්, අපි හදපු රාජ්‍ය ආයතන, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධන සංස්ථාව, අපට වඩා ආදයම් උපදවලා, අපිට වඩා ලාභ උපයලා, අපිට වඩා සංවර්ධන කටයුතු කරලා පෙන්වන්න. ඒ මගින් විතරයි අපිව පරාජය කරන්න පුළුවන්.
අපිට වඩා හොදින් රට පාලනය කරලා, රට සංවර්ධනය කරලා, රට කාර්යක්ෂම කරලා, රට ඉදිරියට හෙනිහිල්ලා, අපට වඩා කාර්යක්ෂමව, අවංකව, දූෂණයෙන් තොරව ඒ කටයුතු කරලා පෙන්වන්න කියලා මම ඉල්ලනවා. එතකොට අපිව පරාජය කරන්න පුලුවන්. පවුල් පාලනය සහ රාජ්‍ය මර්ධනය යොදවලා තරුණ අපිව පරාජය කරන්න බැරි වුණා වගේම, වැඩිහිටි අපවත් පරාජය කල නොහැකි බව ඔවුන් මතක තබා ගත යුතුයි. "