තමන් කළ වැරදි වහගන්න පුංචි ළමයෙක් වත් විශ්වාස නොකරන කතා කියනවා - රනිල්
“අපේ ආණ්ඩුව කටයුතු කළේ ජාතික ආණ්ඩුවක් ලෙසයි. ජනතාවට අහිමි වී තිබූ ප්රජාතන්ත්රවාදය තහවුරු ක්‍රියාත්මක කිරිමට අප කටයුතු කළා. සැම දෙනාගේම මානව හිමිකම් ආරක්ෂා කළා. යහපාලන ආණ්ඩුව යටතේ ජනතාවට සහන දුන්නා. මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කළා.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතා කරමින් චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුව ජනපතිගේ බලතල සීමා වුණා. ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය අනුව අගමැති ලෙස පත්කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බහුරත විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රිවරයායි.
දේශපාලන අර්බුදය, ආර්ථික අර්බුදය හා තමාව ඝාතනය කිරීමේ කරුණු හෙළිවිම නිසා තමාට තිබුණ ඒකම විකල්පය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම ලෙස නම් කිරිම එකම විකල්පය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මතා ප්‍රකාශ කළා.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීම ගැන මම කනගාටුවෙනවා. තමන් කළ වැරදි වැඩේ වහගන්න දැන් පුංචි ළමයෙක්වත් විශ්වාස නොකරන කතන්දර කියවනවා.”
යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
