තමාගේ ඡන්ද පොළට ගොස් ඡන්දය සීමට නොහැකි යැයි සාධාරණ බියක් ඇති තැනැන්තන්ට වෙනත් ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරිමට ඉල්ලුම් කිරීමට ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 1988 අංක 15 චරණ පාර්ලිමේන්තු මන්තිවරණ පනතින් සංශෝධිත 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත් 127 ආ වගන්තිය අනුව ප්‍රතිපාදන සලසා ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක දැක්වෙයි.
මේ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී කාර්යාවල මෙන්ම ප්‍රා දේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගැනීමට අවස්ථාව තිබේ. නීත්‍යානුකූල නාමයෝජනා දැන්වීමේ දින සිට එනම් 2020-03-03 දින සිට දින 07ක් ඇතුළදී අදාළ ඉල්ලුම්පත්‍ර මැතිවරණ කොමසාරිස් ජනරාල්, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය යන ලිපියට යැවිය යුතු වෙයි.
මෙම ඉල්ලුම්පත් අදාළ ඉල්ලුම්කරු ප්‍ර දේශයේ ග්‍රාම නිලධාරී ලවා සහතික කරවා ගත යුතු අතර ජාතික හැඳුනුම්පතේ අංකය ඉල්ලුම් පත්‍රයේ සඳහන් කිරිම අනිවාර්ය වෙයි. ග්‍රාම නිලධාරී සහතිකය නොමැති ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2019 වසරේ ඡන්ද හිමි නාමලේඛනය පදනම් කරගෙන ඡන්ද හිමි නාම ලේඛ්යා ඇතුළත් තොරතුරු ඉල්ලුම්පත්‍රවල සැපයිය යුතු අතර එම නාමලේඛණ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල/කච්චේරි, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තබනු ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.