තම මිතුරා ඝාතනය කර වළදැමූ තිදෙනෙක් අල්ලයි
2026.11.24 වන දින කාන්තාවක් විසින් අවුරුදු 30 ක් වන කරුවලවත්ත, මුරුතලාව ලිපිනයේ පදිංචි තම පුරුෂයා අතුරුදන්ව ඇති බවට පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබිණි.
තම ස්වාමිපුරුෂයා කැස්බෑව ප්රදේශයේ මිතුරෙකු හමුවීමට යන බවට පැමිණිලිකාරියට අවසන් වරට දන්වා සිට ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිස් ස්ථානය මගින් කැස්බෑව පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු කැස්බෑව පොලිස් ස්ථානය මගින් ද මෙම අතුරුදන්වීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
කැස්බෑව පොලිස් ස්ථානය මගින් සිදු කරන ලද විමර්ශනයේදී මෙම අතුරුදන්වූ පුද්ගලයා 2026.11.23 වන දින උදෑසන කාලයේදී කැස්බෑව ප්රදේශයේදී මිතුරෙකු හමුවී ඇති බවත් එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් මිතුරා විසින් තවත් පිරිසක් සමඟ මෙම පුද්ගලයා පොල්ගස්ඕවිට ප්රදේශයේදී ඝාතනය කර කැලෑබද ප්රදේශයක වල දමා ඇති බවටත් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු 2026.11.28 වන දින කැස්බෑව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මරණකරු වලදමා ඇති ස්ථානය සම්බන්ධව ස්ථානීය පරීක්ෂාවක් 2026.11.29 කැස්බෑව මහෙස්ත්රාත් විසින් සිදු කිරීමට නියමිතව ඇත.
සැකකරුවන් අවුරුදු 20, 36 හා 37 වයස්වල පසුවන මඩපාත හා පොල්ගස්ඕවිට ප්රදේශවල පදිංචිකරුවන් වේ. කැස්බෑව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
