තම දරුවන් දෙදෙනා ළිඳට දමා ඝාතනය කළ පියා අත්අඩංගුවට
මඩකලපුව දිස්ත්රික්කයේ වාලච්චේන පොලිස් බල ප්රදේශයේ අංක 04 මාවඩිචේන ගම්මානයේදි පියා විසින් තම දරු දෙන්නා ළිඳට දැමිම නිසා දරුවන් දෙදෙනා මිය ගොස් තිබේ.
ඊයේ ( 13) දින රාත්රි 11.00 ට පමණ දරුවන් නිදිය ගෙන සිටින අවස්ථාවේදි දරුවන් දෙදෙනා ඔසවාගෙන විත් ළිඳට දමා ඇති බව පොලිස් පරීක්ෂණ වලදි හෙළිවි තිබේ.
මියගිය දරුවන්ගේ මව මියගොස් ඇති අතර පියා සමග මෙම දරුවන් ජීවත්ව තිබේ. දරුවන් ළඳට දැමිමෙන් පසුව පිය විසින් මේ පිළිබදව නිවසේ අනිත් අයට පැවසිමෙන් පසුව එම පිරිස පොලිස් හදිසි ඇමතුම් ඒකකය 119 අමතා දැනුම් දි තිබේ.
පසුව වාලච්චේන පොලීසියේ නිලධාරින් පැමිණ දරුවන් දෙදෙනා ළිඳෙන් ගොඩගෙන රෝහල වෙත යවා ඇති අතර ඒ වෙනවටිත් දරුවන් මියගොස් සිටි බව පොලිස් නිලදාරින් පැවසිය.
පසුව සැකකාර පියා පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනිමට කටයුතු කර තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ සුලෙයිමන් ලෙබ්බේ අසීමා හක් අවුරුදු 09 පිරිමි දරුවා සහ අස්මල් කාසියා අවුරුදු 07 ගැහුණු දරුවා බව පොලීසිය පවසයි.
මඩකලපුව දිසාව භාර පොලිස් අධිකාරි නුවන් මෙන්ඩිස් මහතාගේ උපදෙස් පරිදි වාලච්චේන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පෙරමුණේ මහතා ඇතුලු අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සහ මඩකලපුව පොලිස් ස්ථානයේ අපරාධ පරීක්ෂන නිලධාරින් වන උ.පො.ප.විල්සන්,උ.පො.ප.හෙට්ටිආරච්ච් පො. සැ.27770 මංජුල යන නිලධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
අම්පාර - වසන්ත චන්ද්රපාල

popular news
-
Kumar Tuesday, 14 April 2020 09:09 PM
අනේ මෙහෙම මුර්ගයෝ ඉන්නවනේ ලංකාවේ. මේ මිනිහ එල්ලුම් ගහට යවන්නයි තිබෙන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

