රාජකාරී ගිනි අවියක් සහිතව කළුතර තෙබුවනදී නොසන්සුන්කාරි ලෙස හැසිරුණු පොලිස් සැරයන් සනත් ගුණවර්ධන ලබන 9 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
සැකකාර පොලිස් සැරයන්වරයා ඊයේ පොලිස් අත්අඩංගුවට පත්වූ අතර අද අධිකරණයට ඉදිරිපත් කළේය.
තමන් අත්අඩංගුවට ගත් වැලි ලොරියක් ඉහළ නිලධාරීන් විසින් නිදහස් කිරීමට විරෝධය දක්වමින් ඔහු තෙබුවන නගරයේදී විරෝධතාවක් දැක්වූ අතර පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.