පුත්තලම දිස්ත්රික්කයට අයත් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් 13 දින සවස හතර පමණ වන විට අඩි එකහමාර බැගින් විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පැවසීය.
තබ්බෝව ජලාශය ප්රදේශයට හා ඒ අවට ජල පෝෂක ප්රදේශයට පැවැති අධික වර්ෂාව නිසා හදිසියේ ජලාශයට එක්රැස් වූ වැඩිපුර ජලය පිට කිරීම සඳහා මෙසේ ජලාශය විවෘත කිරීමට සිදු වූ බවත් එම කාර්යාලය පැවසීය.
ඒ අනුව අනුව අද අලුයම 12.30ට පමණ අඩි එක බැගින් වාන් දොරටු 2ක් විවෘත කළ බවත්, පසුව දහවල් කාලයේ ඇති වූ තදබල වාර්ෂාව නිසා සවස් වන විට අඩි එකහමාර බැගින් දොරටු 4ක් මෙසේ විවෘත කිරීමට සිදු වූ බවත් පුත්තලම වාර්මාර්ග කාර්යාලය සඳහන් කළේය.
තබ්බෝව ජලාශය වාන්දොරටු විස්සකින් සමන්විත වන අතර ජලාශයේ වාන් මට්ටම අඩි 18කි. අලුයම දොරටු විවෘත කරන අවස්ථාව වනවිට වාන් මට්ටම අඩි 17යි අඟල් 7ක්ව පැවැති බවද එම නිලධාරියෙකු පැවසීය.
ජයරත්න වික්රමාරච්චි