සියලු ප්‍රවාහන කටයුතු ඇනහිට ඇති පරිසරයක් තුළ තවදුරටත් තැපැල් මෙහෙයුම් කටයුතු පවත්ගෙන යාම දුෂ්කර වූවහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තැපැල්පති නිවේදනයක් නිකුත් කර ඇත.
- ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හි දී අවම වශයෙන් දිනකට පැය දෙකක කාලයක් සියලු තැපැල් / උප තැපැල් කාර්යාල විවෘතව තැබීම.
- අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සතු වාහන හා කර්ය මණ්ඩලය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අනුයුක්ත කිරීම
- දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉල්ලා සිටින්නේ නම් මෙහෙයුම් කටයුතු සඳහා තැපැල් කාර්යාල පරිශ්‍රයන් භාවිතයට ගැනීමට සැලැස්ව වීම
- කොරෝනා වෛරස් පාලන කාර්ය සාධන බලකායෙන් ලැබෙන උපදෙස් පරිදි රජයේ රෝහල්වල සායන මගින් නිකුත් කොරන ඔෘෂධ රෝගීන් සඳහා නිවෙස් වෙත ලබා දීම