2020 පාර්ලිමේන්තු මැතිවරණය යට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනිම දිනය අද(17) මධ්‍යම රාත්‍රී 12 අවසන් බවට ප්‍රකාශ කර තිබුණද රජයේ ලබාදුන් නිවාඩු දින තත්ත්වයන් සලකා එය දිර්ඝ කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ අනුව ඉදිරි දිනවලදි ලැබෙන තැපැල් ඡන්ද අයදුම්පත් අද දිනයේ ලැබුණු අයදුම්පත් ලෙස සලකා කටයුතු කිරිමට අපේක්ෂිත බව මැතිවරණ කොමිසම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කොව්ඩ් 19 වෛරසය පැතිරිම පාලනය කිරිම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග අනුව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනිමේ අවසන් දිනය පසුව නිවේදනය කරන බව දැනුම් දෙන බව දක්වා තිබේ.