ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීම මේ මස 30 වැනිදායින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (19දා) ආරම්භ විය.
ඡන්ද රාජකාරීවල නිරත වන හා අත්‍යවශ්‍ය සේවාවල නිරත වන පිරිස්වලට තැපැල් ඡන්දය භාවිත කිරීමට අයදුම්පත් යොමුකළ හැකි බවද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.
අදාළ ඡන්ද හිමි නාම ලේඛනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රා‘දේශිය ලේකම් කාර්යාලවල හා ග්‍රාම නිලධාරීකාර්යාලවල ප්‍රදර්ශනය කරන බවත්, මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ 'ඊ' සේවාව හරහා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නාමලේඛනය ලබාගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.
ආයතන ප්‍රධානීන් 'ඊ' සේවා හරහා නාමලේඛනය ලබාගැනීමට ඉල්ලුම් කළ යුතුවේ.