මුස්ලිම් පල්ලිවල කඩු තියෙන්නේ කැලෑ කපන්න බවට තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා කළ බව කියන ප්‍රකාශයකට විරෝධය පා පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අද (14 ) වනදා පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී සභාව තුළ විරෝධතාවයක් පැවැත්වූහ.
පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පූජාපිටියේ පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.
මෙම යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනුර මඩලුස්ස මහතා ,
මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා වශයෙන් හලීම් මහතා ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශයක් කළා පල්ලිවල කඩු තියෙන්නේ කැලෑ කපන්න සහ සුසාන භූමි සුද්ධ කරන්න කියලා කිව්වා.
ඒ කතාව කිරීම තුළ මේ ප්‍රදේශයේ සිංහල ජනතාව තුළ විශාල ගැටලුවක් ඇති වුණා. මේ ප්‍රකාශයට විරෝධය දක්වමින් අපට අයිතියක් තියෙනවා විරෝධතාවයක් දක්වන්න යැයි ප්‍රකාශ කරමින් අනුර මඩලුස්ස මහතා කලු පටි බැඳ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය දැක්වීම ආරම්භ කිරීමත් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන උවයිස් රසාන් , එස්.එල් ලුණුගමආරච්චි, එච්.එම් රෙජිනාවතී යන මහත්ම මහත්මීන්ද කලු පටි බැඳ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය දැක්වූහ.
මෙහිදී ප්‍රකාශයක් කළ අනුර මඩලුස්ස මහතා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය හලීම් මහතා කළ ප්‍රකාශයට මෙන්ම තොරතුරු දැන ගැනීමේ අයිතිය අහෝසි කිරිමට විරුද්ධවත් අන්තවාදීන් සියලු දෙනාට දඩුවම් කරන ලෙස ඉල්ලාත් මෙම විරෝධය දක්වන බවයි.