කෝවිඩ් 19 හමුවේ ආණ්ඩුව අභ්‍යන්තරයේ තිබෙන පුද්ගලික අරමුණු පසෙකලා රටේ ජනතාව ජීවත් කරන අරගලයට අවධානය යොමු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීම කරන බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කෝවිඩ් මර්දන ප්රයත්නය සාර්තක කර ගැනීම සඳහා සහාය දැක්වීමට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සූදානම් බව අද (02දා) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
කෝවිඩ් 19 වසංගතය ආයුධයක් කර ගනිමින දේශපාලන බල අරලයක් සිදු කිරීමට තමා සූදානම් නොමැති බවද ඔහු පැවැසීය.
“රට මුහුණ දී තිබෙන දැවැන්ත සෞඛ්‍ය අර්බුදය තුළ අපි පසුගිය දිනක විදේශ තානාපතිවරුන් හමුවූ අවස්තාවේ විශේෂයෙන්ම අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය, රෝහල් පද්ධතිය, වෛද්‍ය පද්ධතියට ලබා දිය හැකි උපරිම උපකාරයන් ලබා දෙන්න කියලා යෝජනාව දැම්මා.
ඊට අමතරව පසුගිය දින වල පෞද්ගලිකවම විදේශ තානාපති කාර්යාල වලට දුරකතන ඇමතුම් ලබාගෙන එම තානාපතිවරුන්ගෙන් අපි ඉල්ලීමක් කළා අපේ රටට අත්‍යාවශ්‍යව තිබෙන එන්නත් ප්‍රමාණය ලබා ගැනීමට උපරිම දායකත්වය සහයෝගය ලබා දෙන්න කියලා.
ඒ වගේම අපේ රටේ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්න ඕනී. එය කිරීම සඳහා අපට අවශ්‍ය පී.සී.ආර්. යන්ත්‍ර මෙරටට ලබා දෙන්න කියන යෝජනාවත් අපි ඉදිරිපත් කළා.
ඒ වගේම අපේ රටේ මේ ශීඝ්‍ර ව්‍යාප්තිය තුළ ජංගම ක්ෂේත්‍ර රෝහල් ගණනාවක් ලබා දෙන ලෙස ඉල්ලීම් කළා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය ඕස්ට්‍රේලියාව වගේම මහ බ්‍රිතාන්‍ය වැනි රටවල් වලින් මම ඉල්ලීමක් කරනවා ක්ෂේත්‍ර රෝහල් ගණනාවක් අපේ රටට ලබා දෙන්න කියලා.
විශේෂයෙන්ම වගකිවයුතු විපක්ෂයක් ලෙස මම කියන්න කැමතියි අපේ අරමුණ සියලු පාර්ශවයන් සමග එකට එකතු වෙලා මේ ඉතාමත්ම දුෂ්කර වූ අවස්තාවේ මිනිස් ජීවිත වලට දැවැන්ත තර්ජනයක් එල්ල වන මේ මොහොතේ මිනිසා ජීවත් කර වීමේ අරමුණින් අපට කළ හැකි උපරිම කාර්ය භාර්ය උපරිම දායකත්වය අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
මේ කොරෝනාව තුලින් දේශපාලන වාසි ලබා ගන්නටවත්, කොරෝනාව දේශපාලන ආයුධයක් කර ගන්න වත් අපි සූදානම් නෑ.”