යතුරු පැදියක් තනි රෝදයෙන් ධාවනය කිරීමට උත්සාහ ගනිමින් සිටි තරුණයෙකු එය පාලනය කර ගැනීමට නොහැකිව නිවසක ගේට්ටුවක වැදීමෙන් ඊයේ (24දා) ජීවිතක්ෂයට පත්ව ඇතැයි හැටන් පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන්,ඩන්බාර් මාවතේ පදිංචිව සිටි ප්රසාද් බුද්ධික (30) නැමැති තරුණයෙකි.
මෙම තරුණයා අතුරු මාර්ගයක සිය යතුරු පැදිය තනි රෝදයෙන් ධාවනය කරමින් සිටියදි යතුරු පැදිය ලිස්සා ගොස් ගේටුට්වක වැදීමෙන් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් තුවාල ලැබු තරුණයා රෝහල් ගත කරනවිටත් මිය ගොස් සිටි බව රෝහල් ප්රකාශකයෙකු කීය.
ශාන් හුලංනුගේ