තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද පෙරවරු 10 සිට හෙට පෙරවරු තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ හා වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.