ගව මස් අලෙවි සැලක් මාර්ගයෙන් ගනේවත්ත තිත්තවැල්ගාල ප්‍රදේශයේ කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය බළ ප්‍රදේශයේ පිහිටි තතිත්තවැල්ගාල සහ පරගොල්ල ප්‍රදේශ වලින් කොරෝනා ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන් ඊයේ (21දා) සිට එම ප්‍රදේශ හුදෙකලා කිරීමට ජාතික කොවිඩ් මර්ධන මධ්‍යස්ථානය පියවර ගනු ලැබීය.
තිත්තවැල්ගාල ප්‍රදේශය සත්ත්ව මාංශ වෙළඳාමට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන අතර මෙම ප්‍රදේශයෙන් ගව මස් ඇතුළු සත්ත්ව මාංශ මිලදී ගැනීම සඳහා දිනපතාම දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට ව්‍යාපාරිකයන් පැමිණෙති. එසේ පැමිණි පුද්ගලයෙකුගෙන් කොරෝනා වෛරසය පැතිර යන්නට ඇති බවට සෞඛ්‍ය බලධාරීන් සැක කරති.
තිත්තවැල්ගාල ප්‍රදේශයේ ගව මස් අලෙවි සැලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු පළමු කොරෝනා ආසාදිතයා බවට හඳුනාගැනීමෙන් පසුව අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් පසුව එම ප්‍රදේශයේ සහ යාබදව පිහිටි පරගොල්ල ගම්මානයේ පිරිසකටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඊයේ (21) දිනය වන විට කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් මේවනවිට එම ප්‍රදේශ දෙකෙහිම කොරෝනා ආසාදිතයින් 150 කට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරති. මේවනවිට පුද්ගලයන් 1900 කට පමණ පීසීආර් පරීක්ෂණ සිදු කර තිබෙන බවද කියයි.