එළඹෙන මහ මැතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්රසය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග සන්ධාන ගත වි මහ මැතිවරණය සදහා තරග කිරිමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ඉදිරියේ ආරුමුගන් තොණ්ඩමන් මහාතා නාම යෝජනා පත්‍රය අත්සන් කල අතර , අත්සන් කරන ලද නාම යෝජනා පත්‍රය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සුරතින් භාර ගන්නා ලදි.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක අමාත්‍යය ආරමුගන් තොණ්ඩමන් මහතා නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට නියමිතයි.
නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ආරුමුගන් තොණ්ඩමන් මහතාත්, එම පක්ෂයේ භාණ්ඩාගාරික මරදපාණ්ඩි රමේෂවරන් සහ එම පක්ෂයේ තවත් ජෙෂ්ඨ උප සභාපතිවරයෙක් තරග කිරිමට නියමිතයි.