මතුවී ඇති වර්ථමාන කාලගුණික තත්වය හේතුකොට ගෙන වෙන්නප්පුව තොඩුවාව ප්‍රදේශයේ වඩරල නිසා බරපතල ලෙස එම මුහුදු තීරය මුහුදු ඛාදනයට ගොදුරු වීම නිසා ධීවරයින් විශාල පිරිසක් අසරණ තත්වයට පත් වී තිබේ.
එසේම දිගින් දිගටම මෙම කාලගුණික තත්වය තුළ ප්‍රදේශයේ මුහුදු ඛාදනය වර්ධනය වෙමින් පවතින බැවින් මේ පිළිබදව සොයා බැලූ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වහාම මෙම මුහුදු ඛාදනය වැලැක්වීම සදහා මෙම මුහුදු තීරය වටා ගල් වැටි දැමීමට කටයුතු කරන ලෙස අමාත්යාංශටයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම ප්‍රදේශයේ මුහුදු ඛාදනය කිලෝමීටර් 02ක් පමණ දුරට විහිදී තිබෙන නමුත් වැඩිපුර මුහුදු ඛාදනය සිදුවී ඇති මීටර් 200ක පමණ ප්‍රමාණය මුලින් ගල්වැටී දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ධීවර වරාය නීතිගත සංස්ථාවේ නිළධාරීන්ට හා අමාත්‍යාංශයේ ව්‍යාපෘති භාර නිලධාරීවරයාට උපදෙස් දී ඇත.
ඒ අනුව ධීවර වරාය නීතිගත සංස්ථාව වෙනත් සංවර්ධන කාර්යයක් සදහා ගෙන්වා තිබූ කළු ගල් ප්‍රමාණයක් වහාම මේ සදහා යොදවන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී ඇත. එසේම ඒ පිළිබදව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් ලබා දී තිබේ.
දැනටමත් මේ සදහා ධීවර වරාය නීතිගත සංස්ථාව සතු එම ගල් යොදවමින් ගල් වැටි දැමීම ආරම්භ කොට ඇත. මුහුදු ඛාදනය ඇති වු විගසම ඊට පිළියම් යෙදීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ධීවර ජනතාව, ධීවර සංගම් අමාත්‍යවරයාට හා රජයට ස්තුති කර තිබෙන බව දැනගන්නට තිබේ.