තංගල්ල රැකව ප්‍රදේශයේ පදිංචිව සිටින නාවික හමුදා නිලධාරියකුට කොරෝනා ආසාධනය වී ඇති බවට අද හඳුනාගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.
මෙම නිලධාරියා ඉකුත් 20 වැනිදා නිවාඩු ලබා තංගල්ලේ පිහිටි නිවෙසට පැමිණ තිබූ අතර ඔහු නිවසේ නිරෝධායනය වෙමින් සිටි අයෙකු බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. ඊයේ මෙම නිලධාරියා පීසීආර් පරීක්ෂණයට යොමු කර තිබූ අතර අද දින වන විට ඔහු කොරෝනා ආසාධිත බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.