තංගල්ල, වාඩිගල ප්රදේශයේදී අද (23දා) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වාඩිගල, වැලිආර ප්රද්ශයේ පදිංචිව සිටි වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයක් පවත්වාගෙන ගිය රංජිත් වගාච්චි (අවු.41) නමැත්තෙකි.
මරණකරු සිය සේවා ස්ථානයේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇති අතර, වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසීය.
තංගල්ල මූලස්ථාන පොලීසිය සැකකරුවන් සොයා වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි