තේ වගාව සදහා අවශ්‍ය පොහොර රට තුළ නිෂ්පාදනය කිරීමට රජය කෙසේ හෝ කටයුතු කළ යුතුව ඇතැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය.
ඔහු මේ බව පවසා සිටියේ එම අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ඒ අනුව එහිදී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"රසායනික පොහාර වර්ග වල අඩංගු විස රසායනික ද්‍රව්‍යන්හි අතුරු ප්‍රතිඵල අපේ රටේ ජනතාවට අනාගතයේ දී තදබල ලෙස විඳින්නට සිදුවෙනවා. වර්තමානයේ වුවද පිලිකා රෝගය, වකුගඩු රෝග ඇතුළු විවිධ වූ රෝගාබාධයන් සඳහා මෙම රසායනික පොහොර සහ රසායනික ද්‍රව්‍ය හේතු වී ඇති බව වෛද්‍ය පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙනවා.
මෙහි තවත් එක් ගැටළුවක් නම් විශේෂයෙන් තේ වගාවේ පොහාර කොතරම් යෙදුවද හැදෙන දළු ප්‍රමාණයේ අඩුවක් පැවතීමයි. මෙය පොහොර වල දෝෂයක් යැයි වැවිලිකරුවන් නිරන්තරයෙන් මැසිවිලි නගන නමුත් විද්‍යාත්මක මතය වන්නේ පොහොර වල වරදක් නොව පොහොර යෙදීමේ ප්‍රමාණයේ වැඩිවීමක් සිදුවී ඇති බවයි. පොළොවේ නිස්සාර බව දිගින් දිගටම පොහොර යෙදීම නිසා වැඩිවී තිබෙනවා.
මේ සඳහා කඩිනම් විසඳුමක් අප විසින් සකසා නොගතහොත් මේ රටේ කෘෂිකර්මාන්තය සහ වැවිලි කර්මාන්තය මහා අගාධයකට වැටෙන බවට සාක්ෂි දැන් ඉස්මතු වෙමින් පවතිනවා. එසේ හෙයින් රජයක් වශයෙන් අප කෙසේ හෝ මෙයට නිසි විසඳුමක් සපයා ගත යුතුයි" යැයිද පැවසීය.