දිඹුල -පතන වෙවෝන් රක්ෂිතයේ විශාල ගින්නක් අද (24) සවස ඇති වී ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.
පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම ගින්න රක්ෂිතයේ විශාල බිම් ප්‍රදේශයක් පුරා පැතිරී යමින් පවතී.
මෙම ගින්නෙන් ඩෙවෝන් රක්ෂිතයේ අක්කර පහකට වඩා බිම් ප්‍රදේශයක් සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශයට පත්ව තිබිණු අතර, තවත් විශාල ප්‍රදේශයක් පුරා ගින්න ව්‍යාප්තව යමින් පැවැතිණි.
ගිනි ගැනීමට ලක් වු රක්ෂිතයේ ඉහළ ප්‍රදේශයේ ඩෙවෝන් දිය ඇල්ල පිහිටා ඇති අතර, පවතින දැඩි වියළි තත්ත්වය හේතුවෙන් මෙම ගින්න රක්ෂිතයේ විශාල කොටසකට ව්‍යාප්තව යාමට ඉඩ ඇතැයි පතන වැසියෝ කියති.
දිඹුල- පතන පොලීසියේ පොලිස් පරීක්ෂක නිලන්ත මහතා ඇතුළු පොලිස් නිලධාරීන් හා පතන ප්‍රදේශවාසීන් එකතුව රක්ෂිතයේ පැතිරී යමින් පවතින ගින්න නිවා දැමීමට විශාල වෙහෙසක් අර ගනිමින් සිටිති.