අඩි 291 ක උසකින් සමන්විත ඩෙවෝන්දිය ඇල්ලෙන් පහලට ඇඳ වැටී අතුරුදහන්ව ඇති තරුණිය සොයා විශේෂ මෙහෙයුමක් අද (19) උදෑසන ආරම්භ කරන ලද බව දිඹුල- පතන පොලීසිය පවසයි.
තරුණියන් හතර දෙනෙකු ඩෙවෝන් දිය ඇල්ල නැරඹීමට ඊයේ (18) දහවල් පැමිණ දිය ඇල්ලේ ඉහල කොටසට ගොස් ඇති බවත් ඉන් පසු දිය ඇල්ලේ මුදුනත ජල පහරින් එම තරුණියන් පිරිස කකුල් සේදීමට ගිය අවස්ථාවේ මෙම තරුණියලිස්සා ගොස් දිය ඇල්ලෙන් පහලට ඇඳ වැටී ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික විමර්ශණවලදී හෙලී වී ඇතැයි පොලීසිය පවසයි.
දිය ඇල්ලෙන් පහලට වැටීමෙන් අනතුරුට ලක්ව ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්රදේශයේ පදිංචි පවිත්රා නැමැති 19 හැවිරිදි තරුණියක බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.
දිඹුල- පතන පොලීසියේ නිලධාරීන්, යුධ හමුදා භට පිරිස් හා ප්රදේශවාසීන් එකතුව අතුරුදහන්ව සිටින තරුණිය සොයා දුෂ්කර මෙහෙයුමක නිරතව ඇති බවත් දිය ඇල්ලේ පහල ප්රදේශය විශාල ගල් සහිත ස්ථානයක් මෙන්ම මේ දිනවල දිය ඇල්ලේ ජලය ඉතාමත් අධික මට්ටමක පැවැතීම හේතුවෙන් මෙම කටයුත්ත සිදු කිරීම අසීරු වී ඇතැයි ආරක්ෂක අංශ නිලධාරීහු කියති.
ශාන් හුලංනුගේ