ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට ඇද වැටී අතුරුදන්ව වු තරුණිය සොයා සිදුකළ මෙහෙයුම අද (19) දහවල් තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව දිඹුල- පතන පොලීසිය පවසයි.
තරුණියන් හතර දෙනෙකු ඩෙවෝන් දිය ඇල්ල නැරඹීමට ඊයේ (18) දහවල් පැමිණ තිබුණි.
පසුව දිය ඇල්ලේ ඉහළ කොටසේ සිට ඔවුන් සෙල්ෆි ඡායාරූප රැගෙන ඇති අතර අතුරුදන් වු තරුණිය පාද සේදීමට ගිය අවස්ථාවේ දී දිය ඇල්ලෙන් පහළට ඇදවැටී ඇතැයි පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එලෙස අතුරුදන්ව ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්රදේශයේ පදිංචි පවිත්රා නැමති 19 හැවිරිදි තරුණියක් බවට හඳුනාගෙන ඇත.
දිඹුල- පතන පොලීසියේ නිලධාරීන්, යුද හමුදා හා නාවික හමුදා භට පිරිස් හා ප්රදේශවාසීන් එකතුව අතුරුදන්ව සිටින තරුණිය සොයා දුෂ්කර මෙහෙයුමක නිරතවු නමුත් තරුණිය පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය.