ශ්රී ලංකා රුපියලට සාපෙක්ෂව දිගින් දිග ඉහළ ගිය ඇමෙරිකානු ඩොලරය අද දිනයේදි තරමක පහළය යෑමක් පෙන්නුම් කළේය. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදි රුපියල් 183.66ක් ලෙස දැක්විණ.
පසුගිය දින කිහිපයේදි එම අගය රුපියල් 184 ට වැඩි අගයක පැවැතිණ. ඩොලරයක ගැණුම් මිලද අද දිනයේදී රුපියල් 179.79ක් ලෙස දැක්විණ.