ලොව පුරා ඩෙල්ටා ප්‍රභේදය විසින් ගෙනයන නව කොවිඩ් -19 ආසාදන රැල්ලත් සමග, කොරෝනා වෛරසයේ නවතම අනුවාදය මිනිසුන්ව බෝනොවන රෝගවලට ගොදුරු කරයිද යන්න දැන ගැනීමට ලොවපුරා විද්‍යාඥයෝ පොරබදිති.
සිකුරාදා ප්‍රසිද්ධියට පත් කරන ලද අභ්‍යන්තර වාර්තාවකට අනුව, එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) අනතුරු ඇඟවූයේ ඉන්දියාවේ මුලින්ම හඳුනාගත් සහ දැන් ලොව පුරා ප්රමුඛව පවතින ඩෙල්ටා ප්‍රභේදය වෛරසයේ පැරණි අනුවාදයන්ට වඩා දරුණු විය හැකි බවයි.
කැනඩාව, සිංගප්පූරුව සහ ස්කොට්ලන්තයේ පර්යේෂණ උපුටා දක්වමින් ඒජන්සිය සඳහන් කළේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදනය වූ පුද්ගලයින් පළමු වසංගත රෝගයෙන් පෙළෙන රෝගීන්ට වඩා රෝහල් ගතවීමට ඉඩ ඇති බවයි.
කෙසේ වෙතත් වසංගත රෝග විශේෂඥයන් පැවසුවේ මෙම පත්‍රිකා තුන මගින් ඩෙල්ටා ප්‍රභේදය කලින් ප්රභේදයන්ට වඩා වැඩි අවදානමක් ඇති බව යෝජනා කළ නමුත් අධ්‍යයන සංඛ්‍යාව සීමිත වන අතර, සොයා ගැනීම් බාහිර විශේෂඥයින් විසින් තවමත් සමාලෝචනය කර නොමැති බවයි.
ඩෙල්ටා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් විසින් කොවිඩ්-19 රෝග ලක්ෂණ වඩාත් වේගයෙන් ආරම්භ වීම ගැන විස්තර කළ අතර, බොහෝ ප්‍රදේශවල දරුණු රෝගීන්ගේ සමස්ත වර්ධනය වැඩිවී ඇති බවද කියයි.
නමුත් ප්‍රවීණයන් පැවසුවේ වසංගත රෝග විද්‍යා අධ්‍යයනයන්හි ප්‍රතිඵල විශාල සංඛ්‍යාවක් සමග සංසන්දනය කිරීම සඳහා එක් ප්‍රභේදයක් තවත් ප්‍රභේදයකට වඩා දරුණු රෝගයක් ඇති කරන්නේ දැයි නිශ්චය කර ගැනීම සඳහා වැඩිපුර අධ්‍යයනයන් කළ යුතු බවයි.
CDC වාර්තාවට අනුව ඩෙල්ටාව පැපොල රෝගය මෙන් බෝවන අතර සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණට වඩා බොහෝ සම්ප්‍රේෂණය වන වෛරසයක් බව පැවසීය.
සැන් ඩියාගෝ හි ලා ජොල්ලා ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ වෛරස් විද්‍යාඥයෙකු වන ෂේන් ක්රොටි පැවසුවේ, මෙම ප්‍රභේදය වඩාත් දරුණු රෝග ඇති කළ හැකි බවට පැහැදිලි ඇඟවීමක් ලැබෙන්නේ ස්කොට්ලන්ත අධ්‍යයනයකින් බවයි.
ඩෙල්ටාව නිසා රෝහල්ගත වීමේ අවදානම දෙගුණයක් පමණ වේ. කෙසේ වෙතත් මේ වනවිට එක්සත් ජනපදයේ කොරෝනා වෛරසයෙන් රෝහල් ගතකිරීම සහ මියයාම බොහෝමයක් සිදු වන්නේ එන්නත ලබා නොගත් පුද්ගලයින් තුළ බවද අනාවරණය වී ඇත.
නමුත් වැඩිහිටියන්ද ඇතුළුව ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ පුද්ගලයන්ට එන්නත් මගින් අඩු බලපෑමක් ඇති බවට සාක්ෂි පවතින බවද කියයි.
බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ග්‍රෙගරි පෝලන්ඩ් පැවසුවේ එන්නත ලබාගත් වෙනත් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ට කොවිඩ්-19 වැලඳුනහොත් ඔවුන්ට රෝග ලක්ෂණ හෝ මෘදු රෝග පමණක් ඇති වන බවයි.
නමුත් ඔවුන්ට එය පවුලේ සාමාජිකයින්ට සහ එතරම් වාසනාවන්ත නොවන අනෙක් අයට සම්ප්‍රේෂණය කළ හැකි බවද පෝලන්ඩ් පැවසීය.
"අපි එන්නත විද ගැනීම මෙන්ම, මුඛ ආවරණයත් පැලඳිය යුතුයි. නැත්නම් අපට සිව්වැනි වරටත් තවත් වෛරස ප්‍රභේදයක් ඇති වීම අනිවාර්යයි. එය වඩාත් නරක අතට හැරෙනු ඇති." හෙතෙම වැඩිදුරටත් පැවසීය.
බරපතල රෝගාබාධ, විශේෂයෙන් එන්නත් කිරීමේ අනුපාතය අඩු ප්‍රදේශවල පවතින බව වසංගතයේ ඉදිරි පෙළේ සෞඛ්‍ය සේවකයන් නැවත අවධාරණය කරයි.
කොලරාඩෝ හි ආසාදන වැළැක්වීමේ සහ පාලනය කිරීමේ ජ්‍යේෂඨ වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය මිෂෙල් බැරොන් පැවසුවේ, "එය ලැව් ගින්නක් හා සමානයි, එය පුංචි ගින්නක් නොවෙයි. මේ වනවිට ගිනිදැල් බුර බුරා ඇවිලෙනවා" යනුවෙනි.
බැරොන් පැවසුවේ චීනයේ පර්යේෂණ මගින් ඩෙල්ටා ප්‍රභේදය ඉතා වේගයෙන් ප්රතිවර්තනය වන වෛරසයක් බවත්, මුල් ප්‍රභේදයට වඩා ශරීරය තුළ 1,000 ගුණයක් වෛරස් නිපදවන අතර, මෙම නව රැල්ලේ ඇති ලොකුම අනතුර ඉස්මතු කරවන බවයි.
මේ අතර තවත් වෛද්‍යවරුන් පැවසුවේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ඉක්මනින් වසංගත රෝගයට ගොදුරු වූවාට වඩා, සමහර විට වඩාත් දරුණු රෝග ලක්ෂණවලින් පසුවන බවයි.
කෙසේ වෙතත් එන්නත් කිරීමේ වේගය වැඩි කිරීම මෙන්ම, මුඛ ආවරණ, නිතර දෑත් සේදීම සහ සමාජ දුරස්ථභාවය අඛණ්ඩව පැවැත්වීම මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලොවපුරා වසංගත රෝග හා බෝවන රෝග පිළිබඳ විශේෂඥයෝ අවධාරණය කර සිටිති.