ශ්‍රී ලංකාවෙන් පිටවී සිටින ඩයස්පෝරා ජනතාවට උතුරු පළාතේ සිය සහෝදර ජනතාවට උපකාර කිරීමේ සැබෑ උවමනාවක් ඇත්නම් එහි භූමිය තුළ ආයෝජනය කිරීම සඳහා පැමිණෙන ලෙස සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.
ලෝක සංචාරක දිනය සැමරිම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
උතුරු පළාත තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා විශේෂ අවස්ථාවක් පවතින බවත්, ඒ සඳහා ඩයසපෝරාවේ සහාය එම ජනතාවට අවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.