ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන ආගරපතන ඩයගම රජයේ සත්ව ගොවිපලේ සේවකයින් 37 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (23) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.
එම සත්ව ගොවිපලේ සේවකයින් 06 දෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු නිසා එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 91 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව 37 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
අසාදිතයන් 37 දෙනා අතර, එම සත්ව ගොවිපලට ආසන්නයේ පිහිටි එම ගොවිපලේ සේවය කරන ඩයගම සන්දිරිගම වතුයායේ පදිංචිකරුවන් සිව් දෙනෙකුද සිටින බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
පවත්නා තත්ත්වය මත එම සත්ව ගොවිපලේ දෛනික කටයුතු සදහා ඊට ආසන්නයේ තිබෙන වෙනත් ගොවිපොලවල් වල සේවකයන් එක් කර ගනිමින් සිදු කිරිමට එම සත්ව ගොවිපලේ පාලන අධිකාරිය කටයුතු කර ඇත.