එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී තම හාම්පුතුන් අතින් විවිධ කරදර , හිරිහැර වලට ලක් වූ ශ්‍රී ලාංකිකයන් 300 දෙනෙකු 01/09 දින අලුයම පැමිණි විශේෂ ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
මෙම පිරිස මේ ආකාරයට විවිධ රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .
මෙම ශ්‍රී ලාංකිකයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 01/09 දින අලුයම 3.00 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන විශේෂ ගුවන් යානයෙන් සහ එදිනම අලුයම 3.15 ට පැමිණ එම ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන විශේෂ ගුවන් යානයෙන් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි වෛද්‍ය රසායනාගාරය තුළින් නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීමෙන් පසුව , රජයේ මධ්‍යස්ථාන වෙත නීරෝධායනය සදහා රැගෙන ගොස් තිබුණි .
කටුනායක ටී.කේ.ජී.කපිල