ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් වටිනා පීසීආර් පරීක්ෂණ කට්ටල පරිත්‍යාග කිරීම පිළිබඳව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දකුණු කොරියානු රජයට සිය කෘතඥතාව පළ කළේය.
සමස්ත ලෝකයටම මුහුණදීමට සිදුවන මෙවැනි අර්බුදවලදී එම බලපෑම අවම කිරීමට අන්තර්ජාතික සහයෝගීතාව අතිශය වැදගත් බව මෙහිදී කථානායකවරයා පෙන්වා දුන්නේය.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා - කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමකට ඊයේ ( 07 ) සහභාගී වෙමිනි.
1987 දී සෝල් නුවර ශ්‍රී ලංකාවේ නේවාසික තානාපති කාර්යාලයක් විවෘත කිරීමට පෙර 1984 දී දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ආරම්භ කරන ලදී. එය ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද පළමු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ලෙස ඉතිහාසයට එක්වේ.