නව කොරෝනා වසංගතය සමග ඇති වූ පසුබෑම සමග හානියට පත් එක්සත් ජනපද ව්‍යාපාරවලට සහාය වන වැඩසටහනකින් ඇ.ඩො.මිලියන 70ක් සොරාගෙන ඇති බවට NFL ක්‍රීඩකයෙකු ඇතුළු 57 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට හේතු වී ඇතැයි අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ අංශයේ වැඩබලන සහකාර නීතිපති බ්‍රයන් සී රබිට් වාර්තාකරුවන්ට කියා සිටියේ වංචාකරුවන් ඇ.ඩො.මිලියන 175කට වැඩි මුදලක් පඩිපත් ආරක්ෂණ වැඩසටහනෙන් ලබාගැනීමට උත්සාහ කර ඇති බවය. සොරකම් කරන ලද ඇ.ඩො.මිලියන 70න් රජය ඇ.ඩො.මිලියන 30ක් අය කරගෙන හෝ දැනටමත් මුදල් නවතා ඇත.
"මේ දක්වා අප විසින් අනාවරණය කර ගෙන ඇති හා අප විසින් මේ දක්වා නඩු පවරා ඇති වංචා ප්‍රමාණය සැලකිය යුතුයි." රබිට් පැවසීය. "අප මෙතෙක් දැක ඇති දේ අනුව, අප තවදුරටත් ලුහුබැඳීමට අදහස් කරන අතිරේක වංචනික ක්‍රියාකාරකම් සමූහයක් ඇති බව අපි විශ්වාස කරනවා."
ඇමෙරිකා එක්සත් ජනපදය නව කොරෝනා වෛරසය හමුවේ ලෝකයේ වැඩිපුරම බැටකෑ රාජ්‍ය ලෙස මේ වනවිට ආසාදිතයන් 6,397,132ක් සහ මරණ 191,769ක් වාර්තා වී ඇති පසුබිමක මෙම සිදුවීම්ද වාර්තා වෙයි.