එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පෙන්සිල්වේනියාවේ පැවති රැස්වීමකදී ඔහුගේ කොවිඩ්-19 ප්රතිචාරය පිළිබඳව එරට ඡන්ද දායකයින් ප්රශ්න කර තිබේ.
අඩු ආදායම්ලාභී පවුල් සහ සුළුතර ප්රජාවන් අනතුරේ හෙළන වසංගතයක් මැඬපැවැත්වීමට අපොහොසත් වීමට හේතුව කුමක්දැයි පෙන්සිල්වේනියාවේ ඡන්දදායකයෙකු විමසූ විට ට්රම්ප් කියා සිටියේ තමා ඊට ප්රතිවිරුද්ධ දේ කළ බවය.
ABC ප්රවෘත්ති සේවය අනුග්රහය දැක්වූ මෙම අවස්ථාවට සහභාගී වූ ට්රම්ප්, "මම එය අවතක්සේරු කළේ නැහැ. බොහෝ ආකාරවලින් මම එය ක්රියාවට නැංවූවා." යැයි කියා සිටියේය.
එහිදී ට්රම්ප්ට බාධා කරමින් ඡන්ද දායකයා යළිත් කියා සිටියේ, "ඔබ එය පිළිගැනීමට සූදානම් නැද්ද?" යනුවෙනි.
ට්රම්ප් තවදුරටත් අදහස් දක්වමින්, "ඔව්, මම චීනයට තහනමක් පැනවූවා. යුරෝපය සමග මම තහනමක් පැනවූවාමමම තහනම නොතැබුවේ නම් අපේ තවත් දහස් ගණනකට දිවි අහිමි වන්නට තිබුණා. එබැවින් ඒ තහනම් ක්රියාත්මක කළා. කටින් නොව ක්රියාවෙන් මම ඒවා කළා." යැයි කියා සිටියේය.
එන්නතක් ළඟදීම ලබා ගත හැකි බව යළිත් පැවසූ ට්රම්ප්, "අපි එන්නතක් ලබා ගැනීමට ඉතා ආසන්නයි" යනුවෙන් කීවේය. "අපි එය සති කිහිපයකින් ලබා ගන්නවා. සති තුනක්, සති හතරක් විය හැකියි." ඔහුගේ සුපුරුදු අනාවැකියක් කීවේය.
කෙසේ වෙතත් ට්රම්ප්ගේ පාලනය යටතේ මේ වනවිට එක්සත් ජනපදයට කොවිඩ්-19 මරණ 195,735ක් සහ ආසාදිතයන් 6,603,921ක් දරා ගැනීමට සිදුව තිබේ.