ඇමෙරිකා එක්සත් ජනපදයේ, උතුරු කැරොලිනා වෙත සිය තෙවැනි සංචාරය සිදුකළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුඛ ආවරණ නොමැතිව මැතිවරණ වේදිකාවට නගිමින් රට තුළ වෛරසය පාලනය කිරීමේදී නායකත්වයේ ආදර්ශය යළිත් වරක් ප්‍රකට නොකළ බව එරට මාධ්‍ය උපුටා දක්වයි.
වෛරසය මැඬපැවැත්වීම සඳහා ඇමෙරිකානුවන් මුඛ ආවරණ පැලඳීමේ දැඩි අවශ්‍යතාවක් පවතිද්දීත්, රටේ ව්‍යාපාර රැසක් වසාදමා තිබියදීත් තත්ත්වය සමනය කරගැනීමේ මාවතට ජනාධිපතිවරයා ක්‍රියාවෙන් දායක නොවන බවට විවේචන පවතී.
කෙසේ වෙතත් මෙම වේදිකාවේ ට්‍රම්ප්ට පිටුපසින් කෙළින්ම පෙනෙන බොහෝ ආධාරකරුවන් මුඛ ආවරණ පැලඳ සිටියද, ට්‍රම්ප් ඉදිරියේ සිටි බොහෝ අනුගාමිකයන් මුඛ ආවරණ තඹයකට මායිම් නොකළ බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මෙම සිදුවීමට පෙර ප්‍රාදේශීය ප්‍රාන්ත කොමිසමේ රිපබ්ලිකන් සභාපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයා තම කතාව අතරතුර මුඛ ආවරණයක් පැලඳ සිටීම වැදගත් බවය.
නමුත් මුඛ ආවරණ පැලඳීම සම්බන්ධයෙන් තම ප්‍රතිවාදියාට සමච්චල් කරන සහ වාර්තාකරුවන්ගෙන් මුඛ ආවරණ ඉවත් කරන ලෙස ඉල්ලා සිටින ජනාධිපතිවරයෙකුට එවැනි යෝජනාවක් සිතාගත නොහැකි තරම් අපේක්ෂාවකි.
ඇමෙරිකා එක්සත් ජනපදය ලොව අංක එකේ කොවිඩ්-19 කේන්ද්‍රස්ථානය බවට පත්ව මේ වනවිට වෛරසය ආසාදිතයන් 6,326,696ක් සහ ආසාදිත මරණ 189,639ක් වාර්තා වෙයි.