වතු කම්කරුවන් පිරිසක් ප්රවාහනය කරමින් තිබු ට්රැක්ටර් රථයක් නුවරඑළිය- උඩුපුස්සැල්ලාව මාර්ගයේ රාගල, මැදවත්ත ප්රදේශයේදී අද (21) පෙරළීයාමෙන් වතු කම්කරුවන් 21 කු තුවාල ලබා ඇතැයි රාගල පොලීසිය පවසයි.
අනතුරින් තුවාල ලැබුවන් ප්රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඉන් එක් අයෙකුගේ ඇසකට හා තවත් අයෙකුගේ ඇඟිලි කැඩී ගොස් දරුණු තුවාල සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ ට්රැක්ටර් රථයේ පසුපස ටේලර් කොටසේ වතු කම්කරුවන් 30 කු පමණ ගමන් කරමින් සිටි බව පොලීසිය පවසයි.
ට්රැක්ටරයට ටේලරය අමුණන කොටස කැඩී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් රාගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
ශාන් හුලංනුගේ