ඉතාලියේ පාදුවා ප්රදේශයේ සිදුවු මාර්ග අනතුරකින් බරපතල තුවාල ලැබු ලාංකිකයෙකු ඊයේ (01) මියගොස් ඇති බව පාදුවා පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉතාලියේ වෙරොනා නගරයේ භාණ්ඩ ප්රවාහන ලොරි රථයක රියදුරෙකු ලෙස සේවය කරමින් සිටි පියල් ධම්මික ජයසිංහ (51) නැමති එක්දරු පියෙකි.
ඉකුත් (29) දා භාණ්ඩ තොගයක් රැගෙන යමින් සිටියදි විරුද්ධ දෙසින් ආ විශාල ට්රක් රථයක් ලාංකිකයා ගමන් කරමින් සිටි මංතිරුවට පැමිණීම නිසා මුහුණට මුහුණලා ගැටි මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණවලදි තහවුරු වු බව පාදුවා පොලීසිය පැවසීය.
මියගිය පුද්ගලයා අනුරාධපුර ප්රදේශයේ පදිංචි අයෙකු බවත් වසර 20 ට අධික කාලයක් ඉතාලියේ රැකියාවක නිරතව සිට ඇත.
මළසිරුර මේ වනවිට පාදුවා රෝහල් මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.
චන්දන ප්රනාන්දු