අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලක් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
මෙම පැමිණිල්ල අද (20) මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම් ඒ.සූමන්තිරන් මහතා කළ ඉල්ලිමක් පිළිගත් විනිසුරු මඩුල්ල පැමිණිල්ල සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වනදා කැඳවීමට නියම කළේය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ශාන්තිනී ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
මෑතක දී ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහනය උත්සවයට අදාළව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකළේ යැයි චෝදනා කරමින් ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව මෙම පැමිණිල්ල තුළින් චෝදනා එල්ලකර තිබේ.