අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ බරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවමක් නියම වී ඇති බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
සිය පෙත්සම හරහා උන්වහන්සේ සඳහන් කර ඇත්තේ තමන්වහන්සේට එරෙහිව අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අහෝසිකර තමන්වහන්සේව නිදහස් කරන ලෙසයි.
එම පෙත්සම මේ මස 28 දා සලකා බැලීමට නියමිතය. උන්වහන්සේ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළත් එය අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.