තමන්වහන්සේට එරෙහිව පනවා ඇති දඬුවමට එරෙහිව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනා ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (05දා) ප්‍රතික්ෂේප කරනු ලැබීය.
අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවමක් අභියාචනාධිකරණය ලබාදුන් අතර එම දඬුවමද ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළේය.
අදාළ අයැඳුම්පත ඊවා වනසුන්දර, නලීන් පෙරේරා හා ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණින.